Wednesday, September 23, 2026

 වෙරළට ආ රැල්ලක්,

ඇඳි පා සටහනක් සිපගෙන ආපසු ගියේය.
මන්ද,
මැකී යාම එහි ස්වභාවයේම නීතිය වූ බැවිනි
ජීවිතයද එවැනි ගමනකි.
යන එන මිනිසුන් හමුවීම වෙන්වීම,
කාලයේ රළ හමුවේ නිහඬව දිය වී යයි
එහෙත්, වෙරළ මත මැකුණු පා සටහන්,
හදවත් වෙරළේ කාලයේ රැළි අතරින්
සැබෑ මතකයන් ලෙස
එකින් එක සිතුවම් වෙයි.
අවසානයේ, ජීවිතය යනු
මැකෙන සටහන් අතරින්
නොමැකෙන අරුතක් සොයන
දිගු වෙරළකි.
Food for ur thoughts by Kavi.


 මයාව සහ යථාර්ථය

ගැටෙන යථාර්ථය හමුවේ
ඇස් පියා දකින මයාව නම් සිහිනයේ
මිනිසුන් මොහොතකට සැනසෙති.
හීන අතර ඇවිද නොවිඳපු, නොලැබූ
සතුටක් විඳීම ජීවිතයෙන් පලා යාමක්ද?
නැතහොත් ගැටෙන යථාර්ථය හමුවේ වෙහෙසුණු
හදවත සොයන නිදහසක්ද?
අවසානයේ මයාව බිඳී,
ෆැන්ටසිය නිම වී යථාර්ථය පැමිණි විට—
ඔබ දුටු කෙටි සිහිනය
ජීවිතයේ පල ගිය මොහොතක් නොව,
ඔබ ඔබටම දුන්
තිළිණයක්ම නොවේද?
My third writing.
Food for your thoughts by Kavi